පවතින අර්බුදය හේතුවෙන් රජයේ රෝහල් වල බාහිර  රෝගී සායනවලදි ලබා දෙන ඖෂධ සීමා කීරීමට සිදුව ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරි සංගමය ප්‍රකාශ කර සිටියි.

ඒ පිළිබඳව අදහස් දක්වමින් එම සංගමයේ සමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතේ කියා සිටින්නේ, මීට පෙර රෝගීන් හට මාසයක් සඳහා නිකුත් කළ ඖෂධ මේ වන විට සතියක හෝ දෙකක කාලයකට සීමා කිරීමට සිදුව ඇති බවයි.

පවතින ඖෂධ හිඟය හේතුවෙන් මෙම තීරණයට ගැනීමට සිදුව ඇති බව කියා සිටි තව දුරටත් සඳහන් කරන්නට යෙදුනේ එම තත්වය මත රෝගීන් හට බොහෝ ඖෂධ පිටතින් මිලදී ගැනීම සඳහා නිර්දේශ කිරීමට සිදුව ඇති බවයි.

“ඉස්සර මාසෙකට නිකුත් කළ ඖෂධ දැන් සති දෙකකට සීමා වෙලා තියෙනවා. සති දෙකකට නිකුත් කරපු ඖෂධ දැන් සතියක වගේ කාලයකට සීමා වෙලා තියෙනවා. බොහෝ රෝහල්වල දැනට තිබෙන ඖෂධ වර්ග හිඟකම හින්දා ඖෂධ පිටින් මිලදී ගන්න කියලා වෛද්‍යවරුන්ට ලියලා දෙන්න සිද්ධවෙලා තියෙනවා. මේකට ප්‍රධාන හේතුව තමයි මේ ඖෂධ සැපයුම්කරුවන්ට ඇතිවෙලා තියෙන මූල්‍යමය ගැටළු, ප්‍රවාහනය කිරීමේ ගැටළු,  ඇණවුම් කිරීමේ ගැටළු, ජාත්‍යන්තර වශයෙන් ඇති වෙලා තිබෙන මේ ඩොලර් හිඟය වගේ ප්‍රශ්න නිසා ඔවුන් මේ ක්ෂේත්‍රයෙන් ඉවත් වෙලා තියෙනවා. සමහර අය මේ ක්ෂේත්‍රයේ ඖෂධ ගෙන්වීම කියන කාරණාව සම්පූර්ණයෙන් බැහැර කරලා තියෙනවා. ඒ හරහා රටේ ඖෂධ හිඟයක් මේ වන විට ඇතිවෙලා තිබෙනවා.”

ඔහු කියා සිටියේය.

 

මෙන්න බලන්න තවත් පුවත්