ජීවිතේ සමහර කාලවල් එනවා,දරාගන්න අමාරුම විදිහේ වේදනාවල් එක්ක.ඒ හැම වේදනාවක්ම සුණුවිසුණු කරන්න බැරි වෙනකොට,සමහරක් හදවත්,ක්ෂණිකව තීන්දු කරනවා ජීවිතයෙන් ඈතට දුවන්න.

මේ හැම මතකයක්ම,හැම නැවතුමක්ම දාලා ඈතකටම යන්න.

ඉතින්… ඒ නික්ම යාම් වලට කොයි තරම් දිගු හේතු තිබුණා වුණත්,වළකන්න බැරිම තැන අපිට පුළුවන් ඈතින් ඉඳන් සුසුම් හෙළන්නම විතරයි.

පසුගියදවසක බුකිය පුරාම කතා කරපු ඇය,වෘත්තියෙන් ගුරුවරියක්.ඇයත් ජීවිතය දෙනවා දුම්රියකට.ආසාවෙන් දෙනවා නෙවෙයි.ඇයට හිතෙන්න ඇති,ජීවිතේ දැන් ඇති කියලා.එක්කෝ මේ ජීවිතේ වටිනාකමක් නැතුව ඇති කියලා.

තමන් ජීවිතයම දුන්නු කෙනෙක් ගැන ලැබුණු නොහිතපු විදිහේ ආරංචියක් ඇයට මේ ඉරණම අත් කළා කියලා ගොඩක් දෙනෙක් කියනවා.

ඒ වුණත්… දැන් ආපහු ඇයට එන්න බෑ.කවදාවත් හැරෙන්න බැරි ගමනක් තමයි ඇය ගියේ.

ඇයට ආදරය කරපු, ඈ වෙනුවෙන් ආදරේ පුරෝගෙන හිටපු හැම හදවතක්ම සඳහටම දාලා ගිය ගමනක් ඒ..

ඉතින් ඇයට “පරිස්සමින් යන්න” කියනවා ඇරෙන්න වෙන මොනවා කියන්නද ?
මුහුණු පොතෙන් අපිට හමුවුණු ඇගේ ඒ කතාවයි මේ…

හරියටම ඇත්ත විස්තරයක් දන්නෙ නෑ.. කට කතා තමා තියෙන්නෙ ඒ අතරින් මට අහන්න ලැබුන කතාව තමා.. මේ දෙන්නා ‘marry’කරලා..’Husband”Doctor’කෙනෙක් ‘Wife”teacher’ කෙනෙක්..’Husband’ ට වෙන ආදර සම්බන්ධතාවයක් තිබිලා ‘Wife’ඒක දැනගෙන උදේ කෝච්චියට බෙල්ල තියලා.. ඒ ‘4to’ නම් මේකට දාන්න බෑ.. ගල්ගමුවෙ වෙච්චි සිද්ධියක්.. ඒ ‘teacher’ ට ලමයෙක් හම්බ වෙන්නත් ඉන්නවා.. ඒ කියන්නෙ ලමයා බඩේ ඉද්දිමයි මෙහෙම දෙයක් කරගෙන තියෙන්නෙ.. මේකනම් ඇත්තටම වෙලා තියෙන සිද්ධිය ඇත්තටම කනගාටුයි ටීචර්ගෙ බුද්ධි මට්ටම ගැන.. මේ සමාජයේ මිනිස්සු කොච්චර ප්‍රශ්න වලට මූන දෙනවද? කොච්චර දේවල් ඉවසනවද? තව කොච්චර දේවල් හිතන්න තියෙනවද? හැමදේම ආදරේට යට කරගෙන ජීවත් වෙන මිනිස්සුන්ට අවසානෙ ඉතුරු වෙන්නෙ දුකම විතරයි!! !! තමන්ගෙ සැමියා තමන් එක්ක ඉන්නම ඕනි වෙලාවක ඒ විදි⁣හට හැසිරෙන එක ඕනිම ගෑනියෙක්ට දරාගන්නම බැරි දුකක් තමයි,ඒත් තවත් ඉවසන්න තිබුණා මෙහෙම දෙයක් කරගන්න කලින් හිතන්න තිබුණා.

කවදාවත් ඇත්තටම ආදරේ කරන අයට බොරු වංචා කරන්න එපා පිරිමියෙක්නම් කොන්ද පණ ඇතිව ජීවත් වෙයන් ගැහැණුන්ට ගරු කරන්න පුරුදු වෙයන් පොරොන්දුවක් දුන්නම් රැකපන්,එතකොට ආදරේ නාමෙන් තවත් මේ වගේ සංවේදි කතා අහන්න දකින්න ලැබෙන එකක් නෑ…හිත හයිය කරගනින් හෙන ගැහුවත් මොකා කොහොම දාලා ගියත් දරාගෙන ඉන්න පුළුවන් හිතේ ශක්තිය ඇතිකරගනින්…අවසන් වතාවට කියන්නම් නිවන් සුව ගුරුතුමිය ඔබට… නැවත කිසිම ආත්මෙක මෙවන් අකල් මරණෙකට ගොදුරු නොවේවා!

(උපුටා ගැනීමකි )

මෙන්න බලන්න තවත් පුවත්