අද (18) උදෑසන ගාල්ල – මාගොල්ල අනුලාදේවි බාලිකා විද්‍යාලය අසළ දුම්රිය හරස් මාර්ගයේදි මෝටර් හා දුම්රියක් ගැටීමෙන් අනතුරක් සිදුව ඇත. 

සංඥා නොතකමින්, අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගය හරහා මෝටර් රථය පැදවීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති අතර, අනතුරෙන් තුවාල ලැබූ මෝටර් රථයේ ගමන් ගත් ගැබිණි කාන්තාවක් හා කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු 6 දෙනෙකු රෝහල්ගත කර ඇත.

එම පුද්ගලයන් මේ වන විට කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන අතර, රෝහල් ආරංචි මාර්ග කියා සිටින්නේ ඉන් දෙදෙනෙකුගේ තත්වය බරපතල බවයි.

 

https://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්