පොලිසිය විසින් අවශ්‍ය කරන සැකකරුවන් තිදෙනෙක් සොයා ගැනීම සඳහා මහජනතාවගේ සහය අපේක්ෂා කරමින් නිවේදනයක් නිකුත් කර ඇත.

එම සැකකරුවන් වන්නේ නැදුන්ගොඩගේ නිර්මල ප්‍රසංග නොහොත් බැකෝ සමන් නැමැති නමැති 33 හැවිරිදි මිද්දෙණිය  ප්‍රදේශයේ පදිංචි කරුවෙකු හා ඔහුගේ බිරිඳ වන පත්තිනි ගේ සාජිකා ලක්ෂාණි නැමැති නැමැති 27 හැවිරිදි ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියකි.

තුන්වෙනි සැකකාරිය වන්නේ නිශාන්ති අබේසේකර නම් ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

මේ පුද්ගලයන්  ගැන තොරතුරු දන්නා අයෙක් වෙතොත් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ සහකාර අධ්‍යක්ෂක 071 859 2727, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ 011 234 3333/4   හෝ මත්ද්‍රව්‍ය කාර්යාංශය ස්ථානාධිපති 071 859 1881 යන අංක වෙත දැනුම් දෙන මෙන් පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

 

https://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්