මේ ලෝකයේ උතුම්ම රැකියාවල් වලින් ප්‍රධානම තැනක් ගන්න රැකියාවක් තමයි වෛද්‍ය වෘත්තිය කියලා කියන්නේ.සියලුම දෙනාට වෛද්‍යවරුන් වෙන්න බැහැ.ශ්‍රී ලංකාවේ පවතින අධ්‍යාපන ක්‍රමයත් එක්ක වසරකට ඉතාමත් සුළුතර ප්‍රමාණයයි වෛද්‍ය විද්‍යාලයට තෝරා බේරා ගන්නේ.එහෙම තෝර ගත්තත් උසස් පෙළ හොඳින් සමත් වෙලා වෛද්‍ය විද්‍යාලයට යන්න සුදුසුකම් ලබන්නේ ඇත්තටම වාසනාවන්තයෙක්.

බොහෝ දෙනෙක් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය හදාරලා විදෙස්ගත වෙන්න තීරණය කරනවා.ඒ තුලින් තමන්ගේ අනාගත උපාධි අපේක්ෂා සාර්ථක කරගන්නා බොහෝ පුද්ගලයන් නැවත වතාවක් මවුබිමට ඇවිල්ලා සේවය කරන්නත් අමතක කරන්නේ නැහැ.ඉතින් අපි අද ඔබට කියන්න යන්නේ ආදරණීය කතාවක්. පසුගිය කාලසීමාව පුරාවටම සමාජ මාධ්‍ය ඔස්සේ දක්ෂ වෛද්‍යවරයෙක් පිළිබඳව කතා බහ කෙරුණා.ඉතින් ඒ වෛද්‍යවරයක් කරපු අපූරු විස්මිත ක්‍රියාවක් පිළිබඳව තමයි මේ විදිහට ගොඩක් දෙනෙක් කතා කළේ.

ඔන්න ඉතින් අපිට තීරණය කලා මේ වෛද්‍යවරයා පිලිබඳවත් එතුමා කරපු සේවය පිළිබඳවත් පුංචි තොරතුරු කීපයක් ඔබත් එක්ක හුවමාරු කරගන්න.ඔහු නමින් වෛද්‍ය තරිඳු ලංකාකානාත මාතර ප්‍රදේශයේ උපත ලබන මේ වෛද්‍යවරයා අධ්‍යාපනය හදාරන්නේ වේල්ස් විද්‍යාලයෙන්.

හොඳින් උසස් පෙළ සමත් වෙලා පසු කාලීනව ඔහු වෛද්‍ය උපාධිය හදාරන්න බංග්ලාදේශය බලා පිටත් වෙනවා.ඊට පස්සේ සියලුම අධ්‍යාපන කටයුතු අවසන් කරලා ඔහු පරිපූර්ණ වෛද්‍යවරයෙකු වශයෙන් ශ්‍රී ලංකාවේ වෛද්‍ය ශාස්ත්‍රයත් එක්ක එකතු වෙනවා. ඔහුගේ මූලිකම සේවා කාලය තුළදී ඇඹිලිපිටිය මහ රෝහලේ රැකියාව කරන්න අවස්ථාව උදා වුණා.

ඉතින් තරිඳු ලංකානාථ කියලා කියන්නේ වෛද්‍යවරයෙක් ටත් වඩා දක්ෂ සංගීතඥයෙක් කිව්වොත් නිවැරදියි.කියමන ටත් කියනවා කොයිතරම් බෙහෙත් දුන්නත් වැඩක් නෑ හිත සුවපත් කරන්න බැරිනම් කියලා.ඉතිං ගතත් සිතත් හරියාකාර සුවපත් කරන්න පුළුවන් චරිතයක් විදිහට අපිට වෛද්‍ය තරිඳු ලංකානාථ හඳුන්වන්න පුළුවන්.

ඔහු එක්තරා අවස්ථාවකදී ජාත්‍යන්තර රියැලිටි වැඩසටහනක් වන sirasa voice වැඩසටහනටද තරග කරුවෙක් විදියට පැමිණෙනවා. කෙසේ නමුත් පසුගිය දිනක වෛද්‍ය තරිඳු රූපවාහිනී ප්‍රසිද්ධ විනෝදාත්මක වැඩසටහනකට සහභාගි වෙනවා. අන්න ඒ අවස්ථාවේදී මේ වැඩසටහන මෙහෙයවපු නිවේදකයා ඔහුගෙන් අහනවා doctor ඔයා ඇඹිලිපිටියේ ඉදන් කොළඹට පුංචි දැරියක්ව බොහෝම සීරුමාරුවට ගිලන් රථයේ තියාගෙන ආවා නේද කියලා.

ඒ අවස්ථාවේදී වෛද්‍ය තරිදු සඳහන් කරන්නේ මම කීප වතාවක්ම ඒ වගේ කරලා තියෙනවා කියලයි. නමුත් එක්තරා සුවිශේෂී අවස්ථාවක් පිළිබඳව ඔහු ගැඹුරින් විස්තර කළා.

” මාස 6 ක පොඩි බබෙක් එයාගෙම අයියගේ අතින් බිම වැටිලා තිබුනා. නමුත් ඇඹිලිපිටිය රෝහලේ වැඩිදුර ප්‍රතිකාර කරන්න බැරි නිසා අපේ බබාව INTUBATE කළා නමුත් මැෂින් එහෙකට හයි කරන්න බෑ මේ බබා පොඩි වැඩියි. එනිසා බෑග් එකකින් තමා හුස්ම දීගෙන ඒ ගමන එක්කන් ආවෙ. දුෂ්කර මාර්ගයක ගමන් කරපු නිසා හෙද නිලධාරිනියටයි සාත්තු සේවිකාවටයි අමාරු උනා. දෙදෙනාටම වරින්වර වමනය ගියා. පස්සෙ මම බබාව දන ගහගෙන කොළඹට එනකම් හුස්ම දීගන එක්කන් ආවා. මට ඒ බබාගේ ජීවිතේ බේරගන්න පුළුවන් වුනා.

ඉතින් තමන්ගේ වෘත්තීය ජීවිතයේ වෛද්‍ය තරිඳු මුහුණ දීපු ඉතාමත් අභියෝගාත්මක අවස්ථාවක් ඒක කියලා සඳහන් කළා.ඒ අවස්ථාවේදී ඒ වැඩසටහනට සහභාගීවූ සියලුම දෙනා අත්පොලසන් නාදයක් දී ඔහුගේ මේ ක්‍රියාව අගය කරන්න තරම් නිහතමානි වුණා.

ඉතින් තවත් දස දහසක් රෝගීන්ගේ ගත සිත සුවපත් කරන්න ඔහුට ත්‍රිවිද රත්නයේම ආශිර්වාදය ලැබේවා කියා අපි හදවතින්ම ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

මෙන්න බලන්න තවත් පුවත්