පසුගිය වසරේ සැප්තැම්බර් මාසයෙන් අනතුරුව යළිත් වරක් මෙරටින් දෛනික කොරෝනා ආසාදිතයින් නවසියයේ සීමාව ඉක්මවා ඊයේ වාර්තා වුණා.

ඒ අනුව ඊයේ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 927ක්.

මේ අතර, කොරෝනා රෝගීන් සඳහා වෙන් කර ඇති දැඩි සත්කාර ඒකකවල ඇති ඇඳන් 70වෙන් 63කම කොරෝනා රෝගීන් ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

මේ අතර, කොළඹ ජාතික රෝහල ඇතුළු රෝහල් කිහිපයක කොරෝනා පරීක්ෂණ කට්ටල අවසන් වීම හේතුවෙන් ගැටලු මතුව ඇති බව සෞඛ්‍ය වෘත්තීය සමිති පෙන්වා දෙනවා.

මේ අතර, විෂබීජ නාශක දියරවල පවතින ගැටලු කොරෝනා ව්‍යාප්තියට හේතු වී ඇති බව එම ක්ෂේත්‍රයේ නිරත වන්නන් පෙන්වා දෙනවා.

එතනෝල් වෙනුවට මෙතනෝල් නැමැති රසායනිකය වර්තමානයේ බොහෝ විෂබීජ නාශක දියර සඳහා යොදා ගැනීම ඊට හේතුව බව සඳහන්.

ඔවුන් සඳහන් කළේ මෙතනෝල් යොදා ගැනීම නිසා ඒවා භාවිත කිරීමේ දී දෑත්වල සමට ද හානි සිදු වන බව යි.

මෙන්න බලන්න තවත් පුවත්