
මහ පාරේ ගලා යන ඉන්ධන
බදුල්ල – කොළඹ ප්රධාන මාර්ගයේ පංකැටිය ප්රදේශය ආසන්නයේදි ඉන්ධන රැගත් බවුසරයක් අනතුරට ලක්ව ඇත.
අද (11) උදෑසන අදාළ ඉන්ධන බවුසර මග මග පෙරළී ගොස් ඇති අතර, වාර්තා වන ආකාරයට අනතුරට පත් වූ බවුසරයේ තිබූ ඉන්ධන විශාල ප්රමාණයක් මහ මාර්ගය පුරා ගලා ගොස් ඇත.
අනතුරට ලක්වූ බවුසරයේ රියදුරු රෝහල් ගත කර ඇති අතර, හපුතලේ පොලිසිය මගින් වැඩි දුර විමර්ශන මෙහෙයවනු ලැබේ.