ජනාධිපතිවරයා  තෝරා පත් කර ගැනීමේ දී තම පාර්ශ්වය විසින් ඉදිරිපත් කළ අපේක්ෂකයා පරාජයට පත් වූ බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියි.

අද පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමෙන් අනතුරුව ඔහු  මේ බව මාධ්‍ය වෙත සඳහන් කර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු වූ කියා සිටියේ ගාලුමුවදොර  අරගලකරුවන් මින් ඉදිරියට අරගලය නවතා එයින් පිටව ගොස්  තම වැඩ කටයුතු කළ යුතු බවයි .

“අපි ඉදිරිපත් කළා ඩලස් ව, අපි ඡන්දය දුන්නා, පැරදුණා ඉතිං. කවුරු හරි දිනන්න එපැයි. ඡන්ද වැඩියෙන් හම්බුණා, එයා  ජනාධිපති වුණා. ඒක තමයි වුණේ.  ඉදිරියේදී මොකද වෙන්නේ කියලා වෙන්නෙ කියල අපි බලාගෙන ඉන්නවා. කොයි ආණ්ඩු වුණත් රටේ ජනතාවට වැඩ කරන්න ඕනි. එක එක මත තිබෙනවානේ කට්ටියක් කියන්නේ මේක නෙමේ ජනමතය කියලා, අපි කියන්නේ මේක තමයි ජනමතය කියලා. දැන් ඉතින් අරගලය කරා ඇති කියලයි මං හිතන්නේ. ගාලුමුවදොර අරගල කරන තරුණයින් දැන් තේරුම් ගන්න ඕනේ එළියට ගිහිල්ලා වැඩ කරන්න.”

යනුවෙන් සඳහන් කර සිටි ඔහු, තම ඡන්දය ලබා ලබා දුන්නේ රනිල් වික්‍රමසිංහ මහතා හට ද යන ප්‍රශ්නයට පිළිතුරු දෙමින් කියා සිටියේ  “නෑ එහෙමත් නැහැ” යනුවෙනුයි.

 

https://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්