මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් නීතියට වැඩ: මෙතෙක් ක්‍රියාත්මක නොවුණු ක්‍රියාවලියක් කිරීමට පොලිස්පතිට ලබාදුන් උපදෙස් මෙන්න

විධිමත් පරිදි පොලිස් ස්ථානාධිපතිවරුන් අලුතින් පත්කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව, සෑම පොලිස් ස්ථානයක් සඳහාම ස්ථානාධිපතිවරුන් පත් කිරීම සඳහා අලුතින් අයැදුම්පත් කැඳවා එයින් වඩාත් සුදුසු නිලධාරීන් පත්කිරීමට අවශ්‍ය ක්‍රියාපටිපාටිය ප්‍රසිද්ධියට පත්කරන ලෙස අමාත්‍යවරයා පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබා දී ඇත.

පසුගිය දා  පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් ජගත් අල්විස් මහතා වෙත ලිපියක් යොමු කරමින් පවසා සිටියේ පොලිසියට එරෙහිව මහ ජනතාවගේ දැඩි කලකිරීමක් ඇතිවීමට හේතුව පසුගිය කාල සීමාව තුළ පොලිසිය දැඩි ලෙස දේශපාලනීකරණය වී ඇති බවයි.

පසුගිය 2021. 01.01 සිට, 2021.11.03 දක්වා පැවති රජය යටතේ ස්ථානාධිපති ධූර ලබා දුන් පොලිස් ස්ථානාධිපතිවරුන් 184 දෙනාගෙන් නිසි සුදුසුකම් සහිතව එම තනතුර ලබා දී ඇත්තේ, පොලිස් ස්ථානාධිපතිවරුන් දෙදෙනෙකුට පමණක් බව එම ලිපියෙහි  සදහන්කර ඇත.

ඉතිරි පොලිස් ස්ථානාධිපතිවරුන් 182 දෙනා තමන්ගේ නිර්දේශවලින් තොරව දේශපාලන බලය මත පත්වීම් ලබා ඇති ආකාරය පොලිස්පතිවරයා විසින් මීට මාස 03කට පෙර මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිඛිතව දන්වා ඇති අයුරු අදාළ ලිපියෙන් හෙළිදරව් කර තිබුණා.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්