malwathu asgiri
 

මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගෙන් විශේෂ පණිවිඩයක්

මේ අවස්ථාවේදි  පාර්ලිමේන්තුවේ සියළු දෙනා එක්ව ජනතාවගේ සුබ සිද්ධිය සඳහා කටයුතු කළ යුතු බවට,මල්වතු හා අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමිවරු සඳහන් කොට ඇත.

පසුගිය දිනක කොටුව බෝධිය ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරත වූ හිමිවරුන් විසින් මහ නා හිමිවරු බැහැ දැකීමට පැමිණි අවස්ථාවේ, මහනාහිමිවරුන් විසින් මේ බව අවධාරණය කර ඇති අතර, එහිදි උන්වහන්සේලා සඳහන් කොට ඇත්තේ, ජනතා ගැටළු විසඳීමට නොහැකි දේශපාලඥයන් ජනතාව විසින් ප්‍රතික්ශේප කරන බවයි.

මහනාහිමිවරුන් බැහැදැකීම් අනතුරුව මාධ්‍යවෙත අදහස් දැක්වූ ජූජ්‍ය උලපනේ සුමංගල හිමියන් ඒ බව මාධ්‍ය වෙත කියා සිටි අතර, උන් වහන්සේ විසින් තව දුරටත් සඳහන් කොට සිටියේ, 

“මේ වන විට තත්ත්වය වෙනස් වෙමින් පවතිනවා. නැවතත් රාජපක්ෂලා උත්සාහ ගන්නවා කූඨ උපක්‍රම යොදාගනිමින්, බැසිල් රාජපක්ෂගේ කූඨ දේශපාලන ක්‍රමෝපායන් භාවිත කරමින් ඉත්තො දාලා රට පාලනය කරන්න. ඒ නිසා අපි කියනවා බැසිල් රාජපක්ෂටත්, ගෝඨාභය රාජපක්ෂ තුළ හොර නඩයටත්, අගමැතිකම බලෙන් අරන් ඉන්න රනිල් වික්‍රමසිංහ මහත්තයටත් අපි කියනවා, පැහැදිලිව මතක තියාගන්න, 9 වෙනිදා අවේ කුණාටුවක්.13 වෙනිදා ඔබේ තීරණයෙන් පස්සේ සුනාමියක් පැමිණීමට නියමිතයි. පසුගිය කාලයේ වගකීම් දරපු කිසිම ඇමතිවරයකුට ජනතා වරමක් හෝ ජනතා  අභිලාෂයක් නෑ නැවත හොර පාරෙන් ඇවිත් ඇමතිකම් දරන්න.”

යනුවෙනුයි.

 

https://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්