යතුරුපැදියක තිබූ පෙට්‍රල් සොරා ගැනීමක් හේතුවෙන් ආරම්භ වූ ගැටුමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

බොරැල්ල කාසල් වීදිය ප්‍රදේශයෙන් මෙම සිදුවීම වාර්තා වී ඇති අතර,තියුණු ආයුධයකින් කළ පහරදීමක් හේතුවෙන් මෙලෙස මිය ගොස් ඇත්තේ 40 හැවිරිදි කාසල් වීදිය ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

ඔහුගේ ඝාතනයට සැකපිට එම ප්‍රදේශයේම පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබයි.

 

https://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්