මේ වෙද්දි ඇය විවාහ වෙලා ආදරණීය දියණියත් කලා ලෝකයට දායාද කරලා.ඇය නමින් තිසුරි යුවනිකා.අම්මා වගේම දුවත් ක්ෂේත්‍රය තුළ දක්ෂ රංගන ශිල්පිනියක් විදිහට කොයි කාගෙත් ආදරේ දිනා ගත්තා.පසුගිය දිනක සුසන්තා චන්ද්‍රමාලි කියන මේ දක්ෂ රංගන ශිල්පිනිය ජීවිතයේ කෙනෙක් අහන්නවත් අකමැති දරුණුම රෝගයක් වන පිළිකා තත්ත්වයකට මුහුණ දුන්නා.

ඇය පියයුරු පිළිකාවකින් තමයි මේ විදිහට නොසිතූ ලෙස රෝගී උනේ.නමුත් කිසිම කෙනෙක් ඇයව තනි කළේ නැහැ.කලා ලෝකය සියලුම දෙනා ඒ වගේම පවුලේ ඥාති හිත මිතුරන් සියලුම දෙනාත් සුසන්ත සමග හිටියා.ඒ ආදරය අනුකම්පාව පිළිබඳව ඇය සති අග පුවත්පතකට අදහස් දැක්වූයේ පහත ආකාරයෙන්.

මම හරිම වාසනාවන්තයි කියලා මට හිතුනේ මම අසනීප වුණු වෙලාවේ.මගේ සැමියා දුව පුතා වගේම අම්මා තාත්තා සහෝදර සහෝදරියො සියලුම දෙනා ඒ වගේම මිතුරු මිතුරියන්ට අමතරව මට ආදරේ කරන තවත් කී දෙනෙක් නම් ඉන්නවද කියලා මට තේරුනේ අසනීප වුණු අවස්ථාවේ.ඒක තමයි කලාකාරිනියක් වීම පින.

මේ ජීවිතය තුල අපිට හොඳ වගේම නරකත් බාරගන්න වෙනවා.හැමදේම මගේ හොඳට ලැබුණා වගේ මමත් අසනීප වුණා දැන් ඒ තත්වෙ සුවයි.ඒ අවස්ථාවේ වෛද්‍යවරු හෙද හෙදියෝ වගේම අනිකුත් කාර්ය මණ්ඩලය මට දක්වපු ආදරේට මම හැමදාමත් ස්තුතිවන්ත වෙනවා.

මේ විදිහට අදහස් දක්වන දක්ෂ රංගන ශිල්පිනිය දැන් ආයෙමත් කලා කටයුතුත් එක්ක එකතුවෙලා වැඩ කටයුතු කරන්න පුළුවන් මට්ටමක ඉන්නවා කියලා සඳහන් කළා.ඒ වගේම ඇගේ එකම දියණිය මේ වෙද්දී විවාහකයි.සුසන්තා කියන්නේ විවාහ වෙන්න කලින් බෑණා පොරොන්දු කර ගත්තලු දුවත් එක්ක එයාලගේ ගෙදර ඉන්න ඕනෙ කියන තීරණයට.ඉතින් මේ වෙද්දී ඒ සියලුම දෙනා ඉතාමත් සතුටින් කාලය ගත කරනවා.

අනාගතයේදී මොනවගේ බලාපොරොත්තුද හිත ඇතුලෙ තියෙන්නෙ කියලා අහපු අවස්ථාවක මේ රංගන ශිල්පිනිය සොඳුරු විදිහට අදහසක් ඉදිරිපත් කළා.

මම පුංචි කාලේ ඉඳලම සරලව ජීවත් වුණා මිසක් අහස උසට බලාපොරොත්තු පොදි බැඳගෙන හිටපු කෙනෙක් නෙවෙයි. අදටත් ඒ ගති පැවතුම් ඒ විදිහමයි.නමුත් හිතපු නැති විදිහට ලස්සන ප්‍රීතිමත් ජීවිතයක් ලබන්න තරම් මම වාසනාවන්ත වුණා.දැන් තියෙන එකම ආසාව තමයි මගේ දුවගේ දරුවෙක් ගේ මූණ දකින එක.අනිත් හැමදේම වගේ ඒ බලාපොරොත්තුවත් ඉක්මනින් ඉටු වෙනවා කියල මම විශ්වාස කරනවා.

ඉතින් ඇය ප්‍රාර්ථනා කරන්නා වු බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉෂ්ට වේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.

මෙන්න බලන්න තවත් පුවත්