
ඒක හරි ලස්සන කතාවක්.මාව මගේ දෙමව්පියෝ දාලා යන්නේ මගෙ අත නැති නිසා.
ඕක මං දැනගන්නේ මන් දැන ගන්නේ වයස අවුරුදු 15 දී වගේ.අම්මා ලියපු ලියුමක තියෙනවා දරුවාගේ අත නැති නිසා තාත්තා බාරගන්න බෑ කියනවා.
ඒ කාරණාව නිසා අම්මා ගොඩක් පුංචි කෙල්ලෙක් මාව හම්බෙනකොට.අම්මා ඒ වෙනකොට මානසිකව අපරිපූර්ණයිඒ නිසා අපේ අම්මා මාව දාලා යනවා.ඒත් අම්මා මාව දාල යන්නෙ ළමා නිවාසෙක.චූටි කාලෙ අම්මා තාත්තා මතකයිද කියල අහනකොට,මට ඒ රූපය මතක නෑ.මම රූපයක් මවා ගන්න උත්සාහ කරනවා මගේ අම්මා මේ වගේ වෙන්නැති කියලා.ගොඩාක් අම්මලා තාත්තාලා දකිද්දී මම හිතන්නේ මගේ අම්මත් මේ වගේ වෙන්නැති කියලා.
මාව උත්පත්තිය දීපු මගේ අම්මා මට ජීවය දුන්නු මගේ තාත්තා මං හරි ආසයි බලන්න මන් දන්නෑ ඔවුන් ජීවතුන් අතර ඉන්නවද කියලා මං බලාපොරොත්තුවෙන් ඉන්නවා මම ජීවතුන් අතර හිටියොත් කොයිම මොහොතක හරි මගේ අම්මා බලන්න යන්න