නිති විරෝධී ලෙස බෝට්ටුවකින් ඉන්දියාවට පලායෑමට තැත් කළ පිරිසක් නාවික හමුදා භාරයට ගෙන ඇත.

ඊයේ (5) රාත්‍රියේදි මන්නාරම තාල්පාඩුකිරි ප්‍රදේශයේ වෙරළ තීරයෙන් ඉන්දියාවට පළා යෑමට උත්සාහ කර ඇති මෙම පිරිස මන්නාරාම නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, පසුව මන්නාරම පොලිසියට බාර දී ඇත.

අදාළ පිරිස අතර, වයස අවුරුදු 18 ත් 48 ත් අතර පසුවන පිරිමි පුද්ගලයන් 05 දෙනෙකු , වයස අවුරුදු 29 ක කාන්තාවක් මෙන්ම, වයස අවුරුදු 05 ක් හා 08 වන පිරිමි දරුවන් දෙදෙනෙකු හා වයස අවුරුදු 06 ක ගැහැණු දරුවෙකු සිට ඇත.

එම සැකකරුවන් මන්නාරම, වැලිමඩ හා වව්නියාව යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, ඔවුන් අද (6) මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

මෙන්න බලන්න තවත් පුවත්