crude oil
 

ලෝක වෙළඳපොළෙහි බොර තෙල් මිලෙහි සුළු අඩුවීමක් දක්නට ලැබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.

ලොව විශාලතම බොර තෙල් ආනයනකරුවා වන චීනය කොවිඩ් හේතුවෙන් නැවතත් සිය ආනයන සීමා කිරීම හා ලෝක ආර්ථික අර්බුදයක් සම්බන්ධයෙන් මතුව ඇති බිය මෙයට හේතුව වන්නට ඇති බව දක්වා සිටින මාධ්‍ය තව දුරටත් කියා සිටින්නේ, එම  තත්වය  එලෙසම පැවතුනහොත්, බොර තෙල් මිල තවදුරටත් පහළ යනු ඇති බවයි.

ඒ අනුව අද (12) බ්‍රාන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 105.75 දක්වා, ඩොලර් 1.35 කින් හා වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 102.64 දක්වා ඩොලර් 1.45 කින් අඩුවී තිබේ.

 

https://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්