ගිනි අවියක් හා ජීව උණ්ඩ 7 සමගින් බස් රථයක ගමන් ගත් පුද්ගලයෙක් අත්අඩංගුවට පත්ව තිබේ.

අලව්ව මොරවලපිටිය ඉන්ධන පිරවුම්හල අසළදි මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇති අතර, මාර්ග තදබදය හේතුවෙන් බස් රථයක ගමන් ගත් පිරිස හා මාර්ගයේ සිටි පිරිස අතර ඇතිවූ ආරවුලකදි සැක පහළ වූ පොලිසිය විසින් අදාළ පුද්ගලයා ඇතුලු කිහිප දෙනෙක් අත් අඩංගුවට ගැනීමෙන් අනතුරුව කරන පරීක්ෂණ වලදි  ගිනි අවිය හා උණ්ඩ සොයා ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අලව්ව පොලිසිය විසින්  වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබයි.

මෙන්න බලන්න තවත් පුවත්