තෙල් පෝලිමක සිදුවූ තවත් මරණයක් පිළිබඳව මාතලේ ප්‍රදේශයෙන් වාර්තා වේ.

ඊයේ (25) රාත්‍රියේ මෙම සිදුවීම වාර්තා වී ඇති අතර මෙලෙස මිය ගොස් ඇත්තේ 63 හැවිරිදි මාතලේ කිවුලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අද දිනය තුළ තෙල් ලබා ගැනීම සඳහා ඊයේ රාත්‍රියේ තෙල් පෝලිම වෙත පැමිණ ඇති මෙම පුද්ගලයා, එම වාහනය තුළදිම මියගොස් සිටියදි සොයා ගැනීමට හැකිවී ඇත.

එම මියගිය පුද්ගලයා අදාළ වාහනයේ රියදුරු වශයෙන් සේවය කළ අයෙකු බව වාර්තා වේ.

https://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්