ජ්‍යේෂඨ පොලිස්පතිවරුන් ස්ථානමාරු කිරීමේ ඇත්ත කතාව

අජිත් රෝහණ මහතා ඇතුලු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකුට අද උදෑසන ස්ථාන මාරුවීම් ලබා දී තිබුණා.

එහෙත් මෙම ස්ථාන මාරුවීම් පිළිබඳව පොලිස් අභ්‍යන්තරයේ දැඩි ලෙස කතා බහට ලක්ව තිබෙන අතර සේවා අවශ්‍යතා ලෙස සඳහන් කරමින් සිදුකල මෙම ස්ථාන මාරුවීම් වල සැබෑ අවශ්‍යතාවය ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ මීලඟ උසස්වීම ට බාධාවන් පැමිණවීම බවයි අපට වාර්තා වන්නේ.

මෙම මාරු කිරීම් පසුපස සිටිනුයේ තවත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් බවයි පැවසෙන්නේ.

මීලඟ පොලිස්පති තනතුර අපේක්ෂාවෙන් පසුවන ඔහු විසින් දේශපාලන බලයද යොදාගනිමින් මෙය සිදු කර තිබෙන බවද අභ්‍යන්තර ආරංචි මාර්ග කියා සිටිනවා.

අජිත් රෝහණ මහතා ජනතාව සමඟ සමීපව කටයුතු කිරීම නිසා ඔහු පසුගිය කාලයේදී ජනප්‍රිය චරිතයක් වූ අතර ,ඔහු කොළඹ රැඳී සිටීම නිසා රටේ තීන්දු තීරණ ගන්නා දේශපාලන අධිකාරියට ඔහු වඩාත් සමීප වනු ඇතැයි පෙර කී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා බිය වීම නිසාවෙන් මෙම ස්ථාන මාරුව සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.

මහජන ආරක්ෂක අමාත්‍යංශය විසින් මෙම සේවා මාරු කිරීම පිළිබඳව දැනුවත් කරන තුරුම පොලිස්පතිවරයාත් මේ පිළිබඳව කරුණු නොදැන සිට ඇති අතර මෙහි විශේෂත්වය වන්නේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ස්ථාන මාරුවීමක් ලබා දෙන ලෙසට පොලිස්පතිවරයාට නියෝග කල අවස්ථාවෙදී තමාට එවැනි බලයක් නොමැති බව ඔහු විසින්ම නීතිපතිවරයාට ලිඛිතවම දැනුම් දී තිබීමයි.

පොලිසියේ අභ්‍යන්තර වාර්තා වලට අනුව වත්මන් පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතාට පසුව මීලඟ පොලිස්පති තනතුර සඳහා ඉහළින්ම කියවෙන නම් අතර අජිත් රෝහණ මහතා ඉදිරියෙන්ම සිටින බවයි වාර්තා වන්නේ. මෙම ස්ථන මාරුව එම තනතුර අහිමි කිරීමට උපක්‍රමයක් බවයි සැක පල කරන්නේ.

https://www.newsmania.lk/

මෙන්න බලන්න තවත් පුවත්