
බත්තරමුල්ල, දියවන්නා ඔයේ පොල්දූව පාලම අසල ප්‍රදේශයේ පාවෙමින් තිබූ පුද්ගල මළ සිරුරේ අනන්‍යතාවය තහවුරු කර ගෙන ඇතැයි පොලීසිය පවසයි.
අද (10) උදෑසන වැලිකඩ පොලීසියට ලද තොරතුරක් මත මෙම මළ සිරුර සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවේය.
මියගිය පුද්ගලයා හෝකන්දර, සිංහපුර ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි අයෙකු බවට ඔහුගේ ඥාතීන් විසින් හඳුනාගෙන තිබේ.
ඔහු පසුගිය 07 වැනිදා ඥාතීන්ට නොදන්වා නිවෙසින් පිටව ගොස් ඇති බවට
ඔහුගේ පුත්‍රයා විසින් එදිනම තලංගම පොලීසියට පැමිණිල්ලක් ද සිදුකර ඇති බව පොලිසිය සඳහන් කළේය.
මළ සිරු සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණයක් සිදුකිරීමට නියමිත අතර වැලිකඩ පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.