පෙට්ට්‍රල් තොග සම්බන්ධයෙන් විශේෂ දැනුම් දීමක්

‪ඔක්ටේන් 95 වර්ගයේ පෙට්ට්‍රල් තොග අද දිනයේ සිට දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල් වෙත නිකුත් කරනු ලබන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කර සිටිනවා.‬

‪පෙට්ට්‍රල් තොග රැගත් නෞකාවන් දෙකක ගොඩබෑමේ කටයුතු සිදුවන බැවින් ඔක්ටේන් 95 වර්ගයේ පෙට්ට්‍රල් තොග ඉදිරි සති 06 කට ප්‍රමාණවත් බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටින්නේ.‬

‪මේ හේතුවෙන් හෙට සිට ඔක්ටේන් 95 වර්ගයේ පෙට්ට්‍රල් ලබා ගැනීමට අවශ්‍ය වාහන හිමියන් ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් ලබා ගැනීම සඳහා වන පෝලිම්වල රැඳී නොසිටින ලෙසයි අමාත්‍යවරයා වැඩිදුරටත් මහජනතාවට දැනුම් දී සිටින්නේ.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්