පුද්ගලික බස් රථ සංගම් කිහිපයක් එක්ව ඊයේ (4) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත.

බස් රථ සඳහා වෙන්කර ඇති ඉන්ධන ප්‍රමාණවත් නොවන බව කියමින් ඔවුන් මෙම වැඩ වර්ජනය ආරම්භ කර ඇති අතර මේ පිළිබඳව දක්වමින් ලංකා බස් රථ හිමියන්ගේ සංගමය ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා කියා සිටියේ ඉන්ධන ප්‍රමාණවත් පරිදි නොලැබෙන තත්ත්වයක් තුළ බස් ගාස්තු සංශෝධනය කිරීම සඳහා රජය විසින් ගනු ලැබූ පියවරට විරෝධය පළ කරමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල මාර්ග කිහිපයක බස් රථ ධාවනයෙන් ඉවත් වන බවයි.

මෙන්ම ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියේ බස් රථ ධාවනයෙන් ඉවත් වීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යවරයා විසින් වගකීම භාර ගත යුතු බවය.

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්