
අතුරුගිරියේදී පිටත වටරවුම් මාර්ගයට සම්බන්ධ වනපරිදි රාජගිරිය හරහා කැලණිය නව පාළම දක්වා කණු මත අධිවේගී මාර්ගයක් (Elevated expressway) ඉදිකිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.
ඒ සඳහා අවශ්‍ය ශක්‍යතා අධ්‍යයනය මාර්ග සංවර්ධන අධිකාරිය විසින් සිදුකර ඇත.
ඉදිකර පවත්වාගෙන ගොස් පැවරීමේ පදනම (BOT) මත එම ව්‍යාපෘතිය 100% විදෙස් අරමුදල් සහිතව කිරීමට නියමිතව ඇති අතර ඒ සඳහා මහා මාර්ග අමාත්‍යවරයා ගෙන ආ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමතකර තිබේ.