අත්අඩංගුවේ පසු වන සමාජ ක්‍රියාකාරියෙකු වන පැතුම් කර්නර් හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙස අද (4) අධිකරණ නියෝගයක් ලබා දී ඇත.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා විසින් මෙම නියෝගය ලබා දී ඇති අතර, එහිදී පැතුම් කර්නර් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න විසින් එම නියෝගයට විරෝධතාවය පල කරමින් සිය සේවා දායකයාගේ ඡායාරූප පුවත්පත්වල සහ විද්‍යුත් මාධ්‍ය හරහා ප්‍රචාරය වී ඇති බැවින් එම පෙරට්ටුව පැවැත්වීම සඳහා නීතිමය පදනමක් නොමැති බවට පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත්ව මහේස්ත්‍රාත්වරයා විසින් එම විරෝධතාවය ප්‍රතික්ෂේප කරමින් ඔහුව හඳුනාගැනීමේ පෙරට්ටුවකට යොමු කරන ලෙස නියෝග කර ඇත.

මෙන්න බලන්න තවත් පුවත්