රටේ වත්මන් උද්ධමනකාරී තත්ත්වය හේතුවෙන් මෙතෙක් තෝරාගත් පාසල් සඳහා ක්‍රියාත්මක කෙරෙන දිවා ආහාරය ලබාදීමේ වැඩසටහන සඳහා බාධා එල්ල වී තිබේ.

මේ හේතුවෙන් ඇතැම් පාසල්වල දිවා ආහාරය ලබාදීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට ද සිදුව ඇති බව පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශ අතිරේක ලේකම් මහින්ද එස්. යාපා මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් මෙම තත්ත්වයට පිළියම් ලෙස ඉදිරියේ දී චීනයෙන් ලැබීමට නියමිත සහල් මෙට්‍රික් ටොන් 5,000ක ප්‍රමාණය අදාළ පාසල් වෙත යොමුකිරීමට සැලසුම් කර ඇති බව  යාපා මහතා පැවසීය.

www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්