පාරේ මැරුණත් අද සටන අත්නොහරින බව කලා ලොවේ ජනප්‍රියම නළුවා කියයි

අද ඉතාම තීරණාත්මක දවසක් වන අතර ජනාධිපති ගෝඨාභය අද දිනය තුළ වහාම ධුරයෙන් ඉවත් විය යුතු බවත් අද කලාකරුවන් සියලු දෙනා ජනාධිපති මන්දිරය ඉදිරියට ගොස් ඒ සඳහා බලකරන අතර සියලු ජනතාව ගෝඨා ගෝ ගමට රැස්ව කලාකරුවන් සමග මේ සටනට එක් වන ලෙසත් ප්‍රවීන රංගධර ලක්ෂ්මන් මෙන්ඩිස් කියයි.

ඔහු අද (09) මේ අදහස් දැක්වූවේ කොටුව දුම්රිය පොල ඉදිරිපිටදීයි. කලා කරුවන් රැසක් පෙළපාලියකින් විවිධ සටන් පාට කියමින් නිරූපනයන් දක්වමින් ගෝඨා ගෝ ගම මේ වන කොටත් රැදී සිටී.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ ඔහු කියා සිටින්නේ ගෝඨා එලවීම මීට මාසයකට පෙර කිරීමට තිබුණු එකක් වුවත් රනිල් වික්‍රමසිංහ නම් නරුමයා එය මාසයකින් පසු පසට දැමූ බවයි.

මහා මැතිවරණයකට මෙය හොදම අවස්තාව බවත් ජනතා මුදලින් හෝ ජනතාව ඉල්ලන්නේ මහා මැතිවරණයක් බවත් දුක්විදන ජනතාව මෙවැනි සටන් වලදී පාරේ මැරෙන බව දන්නා බවත් තමන් මේ සටනට පැමිණියේ ඒ බව නොදැන නොවන බව ලක්ෂ්මන් මෙන්ඩිස් තවදුරටත් කීය.

http://www.newsmania.lk/

මෙන්න බලන්න තවත් පුවත්