පානදුර,පල්ලිමුල්ල ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවන් පැමිණි යතුරු පැදිය පානදුර-ඌරකඩුව තොටුපොළ ආසන්නයේ බොල්ගොඩ ගඟේ තිබී සොයා ගෙන ඇත.

එම ඝාතනය සඳහා යොදාගත් ටී – 56 ගිනි අවිය පානදුර – වදුරම්මුල්ල ප්‍රදේශයේ සුසාන භූමියක් අසල පැරණි ලී කොටයක් තුළ සඟවා තිබියදී ඊයේ (29) දින සොයා ගැනුණු අතර පසුගිය සඳුදා මෙම වෙඩි තැබීම සිදුකර තිබුණි.

ඊට හේතුව මත්ද්‍රව්‍ය ජාවාරම් මත ඇති වූ මුදල් ආරවුලක් බවට අනාවරණ වී ඇත.

මෙන්න බලන්න තවත් පුවත්