නිරිත දිග මෝසම් තත්ත්වය සක්‍රීය වීම හේතුවෙන් බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවල මෙන්ම දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි හා තද සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුර සහ වයඹ පළාත් වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු විය හැකි අතර ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකියි.

තවද උතුරු මැද පළාතේ ද වැසි වාර කීපයක් ඇති විය හැකි අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලත් උතුරු මැද, බස්නාහිර, වයඹ සහ දකුණු පළාත් වල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් 50 දක්වා වැඩි විය හැකි බවට කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්