හැටන් නෝටන්බ්‍රිජ් ටැප්ලෝ ප්‍රදේශයේ පස් කන්දක් නාය යෑම හේතුවෙන් එක් පුද්ගලයකු මියගොස් නිවාස දෙකක් සම්පූර්ණයෙන් හානියට පත්ව ඇත.

අද (2) උදෑසන සිදුවූ මෙම අනතුර හේතුවෙන් මෙලෙස මියගොස් ඇත්තේ පස්කන්දට යට වූ එක් නිවසක් සිටි 39 හැවිරිදි පුද්ගලයෙක් වන අතර , පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව එක්ව කරන ලද සෝදිසි මෙහෙයුම් වලින් අනතුරුව පස් කන්දට යටවී සිටි පුද්ගලයාගේ මාතෘ දේහයේ සොයාගැනීමට හැකියාව ලැබී තිබේ. .

මෙම අනතුර හේතුවෙන් මේ වන විට පවුල් 8 ක පුද්ගලයන් 17 දෙනෙකු අවතැන් වී සිටින අතර ඔවුන්ට නෝටන්බ්‍රිජ් විහාරස්ථානයේ නවාතැන් පහසුකම් සලසා දී ඇත.

 

Source : Ada Derana

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්