පරිසරවේදීනට පිරිනැමෙන නොබෙල් ත්‍යාගය පළමු වරට ශ්‍රී ලාංකිකයෙකුට

ශ්‍රී ලාංකේය ප්‍රමුඛ ස්වභාව විද්‍යාඥයෙකු සහ දිවයිනේ මිරිදිය මත්ස්‍ය වර්ගීකරණ විද්‍යාඥයෙකු වන ආචාර්ය රොහාන් පෙතියාගොඩ මහතා සත්ව විද්‍යාව සඳහා වන ගෞරවනීය “The Linnean Medal” සම්මානය මැයි 24 වන දින පිරිනමා තියනවා. මෙය පරිසරවේදීනට පිරිනැමෙන නොබෙල් ත්‍යාගය ලෙස ලෝකයේම පිළිගැනීමට ලක්ව ඇති සම්මානයක්.

ලෝකයේ පැරණිතම ක්‍රියාකාරී ජීව විද්‍යාත්මක සමාජය වන ලන්ඩනයේ ලින්නියන් සංගමය විසින් වාර්ෂිකව ඕනෑම ක්ෂේත්‍රයක ජීව විද්‍යාඥයන් එකෙකුට හෝ දෙදෙනෙකුට මෙම පදක්කම ප්‍රදානය කරනු ලබන්නේ සංගමයේ ගෞරවය සහ විද්‍යාවට කරන ලද සේවය අගය කිරීමේ ප්‍රකාශනයක් වශයෙන්.

ඒ වන විට ලන්ඩනයේ ලීනියන් සංගමයේ කවුන්සිලයේ සාමාජිකයෙකු නොවූ ජාතිකත්වය නොසලකා ඕනෑම ජීව විද්‍යාඥයෙකු පදක්කම ලබා ගැනීමට සුදුසුකම් ලබයි.

එය වාර්ෂික සංවත්සර රැස්වීමේදී සමාජයේ සභාපති විසින් පිරිනමනු ලබන අතර, ඔහු පදක්කම ප්‍රදානය කර ඇති පදනම සඳහන් කරනවා.

1888 දී වැඩසටහන ආරම්භ කිරීමෙන් පසු මෙම සම්මානයෙන් පිදුම් ලැබූ පළමු ශ්‍රී ලාංකික විද්‍යාඥයා ආචාර්ය පෙතියාගොඩයි. එය ශ්‍රී ලංකාවට මහත් වූ ආඩම්බරයක්.

ඔහු 1980 ගණන්වල ජල සම්පාදන මණ්ඩලයේ සභාපති ලෙස සේවය කරමින් ශ්‍රී ලංකා රජයේ සේවකයෙකු සහ උපදේශකයෙකු ලෙසද කරයුතු කරලා තියෙනවා.

https://www.newsmania.lk/

මෙන්න බලන්න තවත් පුවත්