නීති විරෝධීව රටින් පිටවීමට උත්සහා කළ 67 ක් නාවික හමුදා භාරයට

නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 67 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ත්‍රිකුණාමලයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ ඊයේ (23) රාත්‍රියේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මොවුන් අත්ඩංගුවට ගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ.

මෙලෙස නාවික හමුදා භාරයට ගෙන ඇති පිරිස අතරට කාත්තාවන් 07ක් සහ කුඩා දරුවන් 03ක් ඇතුළු පිරිසක් අයත් බවයි නාවික හමුදාව වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්