නීති විරෝධීව ඉන්ධන රැස්කළ අයට වැඩ වරදී 

නීති විරෝධී ලෙස ඉන්ධන රැස් කළ පුද්ගලයින් 137 දෙනෙකු පොලීසිය විසින් අ ත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව පවසනවා.

එසේම පසුගිය දින කිහිපය තුළ වැටලීම් 429 ක් සිදු කර ඇති බවත් එහිදී පෙට්‍රල් ලීටර 27,000 ක් සහ ඩීසල් ලීටර 22,000 ක් සොයාගත් බවද පොලීසිය සඳහන් කළා. තවදුරටත් වැටලීම් සිදුකරමින් පවතින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව වැඩිදුරටත් සඳහන් කළේ.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්