
නැහැ කීව ගෑස්, වී, පොහොර ගි නිගත් ඇමති නිවෙස් වල තොග පිටින්
කුරුණෑගල දිස්ත්‍රික් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ නිවසේ තිබී ගෑස් සිලින්ඩර් 80 ක් හා කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීවගේ හා කුරුණෑගල ප්‍රාදේශීය සභා සභාපති අචල නිමන්තගේ නිවෙස්වල තිබී ගෑස් සිලින්ඩර 140 ක් හමු වී ඇති බව අද ජාතික පුවත්පත් වාර්තා කර තිබෙනවා.
මේ අතර, උතුරු මැද හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත්ගේ නිවසේ තිබී යූරියා මිටි 400 ක් හමු වී ඇති බව ද, හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂගේ නිවසේ තිබී පොහොර, ඩීසල්, වී සහ පරිප්පු තොග හමුවූ බව ද එම පුවත්පත් වාර්තාවල සඳහන් වෙනවා.
පෙරේදා (09) රටපුරා ඇතිවූ උණුසුම් තත්ත්වයෙන් පසුව මේවා සොයාගෙන ඇති බවත්, පසුව වි$රෝධතාකරුවන් විසින් ගොවීන්ට එම පොහොර මලු ආදිය බෙදාදී ඇති බවත් එම වාර්තාවල සඳහන්.
newsmania.lk