නායයෑම් කිහිපයක් හේතුවෙන් හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර වී ඇත.

දියගල ප්‍රදේශයේ පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් එම ස්ථානයෙන් ගමන් කරමින් සිටි කාන්තාවක් ප්‍රපාතයකට ඇද වැටීමෙන් තුවාල ලබා ඇති අතර, එම මාර්ගයේම තවත් ස්ථානයක සිදු වූ පස් කන්දක් නාය යෑම හේතුවෙන් එම ස්ථානයෙන් ගමන් කරමින් සිටි ත්‍රිරෝද රථයක් අනතුරට ලක් වී එහි ගමන් කළ පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

එම තුවාලකරුවන් මේ වන විට ගිනිගත්හේන රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්