නාඳුනන පිරිසක් විසින් ගුවන් හමුදා භටයෙකු පැහැරගෙන ගොස් පහර දී ගසක බැඳ දැමූ පුවතක් මඩකලපුව ප්‍රදේශයෙන් වාර්තා වේ.

ඊයේ (27) පස්වරුවේ අරලගංවිල ප්‍රදේශයේදි මෙම සිදුවීම සිදුව ඇති අතර, නිවසි සිට සේවය සඳහා වාර්තා කිරීමට යමින් සිටියදි අදාළ සෙබළා මෙලෙස පැහැර ගැනීමට ලක්ව ඇත.

පැහැර ගැනීමට ලක්වූ සෙබළා හට පහර දී ඔහුව ගසක බැඳ දමා ඇති අතර,ඒ අසළ තිබී “දරුණු දේශපාලනයට උදව් කරන අයව මේ ආකාරයෙන් මරණයට පත් කරනවා” යන අදහස දෙන ආකාරයේ දමිළ භාෂාවෙන් ලියූ කාඩ් බෝඩ් පුවරුවක්ද හමුවී ඇත.

අද (28) උදෑසන මෙම සෙබලා මුදා ගෙන ඇති අතර සිදුවීම සම්බන්ධයෙන් වැරදිකරුවන් සොයා වැඩි දුර පරීක්ෂණ ක්‍රියාත්මක වේ.

 

https://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්