දෙමළ ප‍්‍රගතිශීලි සන්ධානය දෙකඩ කිරීමට හා එම පක්ෂයේ සාමාජිකයින්ව මිලදී ගැනීමට වත්මන් ආණ්ඩුව උත්සහා කර සිටින බව එම සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා සඳහන් කරයි.

සිය සන්ධානය දෙකඩ කිරීමට උත්සහා කරන කිසිවෙකුටත් සමාව නොදෙන බව ඔහු ප්‍රකාශ කල අතර දෙමළ ජනතාව මෙය තත්ත්වය තේරුම් ගනු ඇතැයි තමන් විශ්වාස කරන බවද ගනේෂන් මහතා සඳහන් කළේය.

එබැවින් මෙරට ජනතාව මෙන්ම විදෙස්ගතව ජීවත් වන දෙමළ ජනතාවත් තමන්ව තේරුම් ගනු ඇතැයි විශ්වාස කරන බව පැවසු ගනේෂන් මහතා තමන්ට තවදුරටත් සහයෝගය ලබාදෙන්නැයි ඔවුන්ගෙන් ඉල්ලා සිටින බවද පක්ෂ කළේය.

මෙන්න බලන්න තවත් පුවත්