දින 33ක් මුහුදේ නැංගුරම්ලා තිබු බොරතෙල් නෞකාව ගොඩබෑමෙන් පසු සිදුවන්නේ මෙයයි.

මෙරට මුහුදේ නැංගුරම් ලා ඇති බොර තෙල් නැවේ තොග ගොඩබෑම අද ආරම්භ කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. ඒ දින තිස්තුනක කාලයක් මෙම නෞකාව මෙරට මුහුදු සීමාවේ නැංගුරම්ලා තිබීමෙන් පසුවයි.

බොරතෙල් රැගත් මෙම නෞකාව මෙරට මුහුදු සීමාවට පැමිණ තිබුණේ ඉකුත් අප්‍රේල් 25 වනදායි. ඉකුත් මැයි මස 02 වනදා වන විට එහි ගොඩබෑම් කටයුතු සිදුකිරීමට නියමිතව තිබුණා. එය සිදු නොවීම සම්බන්ධව ඇසූ විට අදාළ බලධාරීන් පැවසුවේ ඩොලර් ප්‍රශ්ණය හේතුවෙන් ගෙවීම් නතරවී ඇති බවයි.

කෙසේවෙතත් මේ වන විට ඒ සඳහා ගෙවීම් සිදු කිරීමට පියවර ගත් බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ ප්‍රකාශ කර ඇත්තේ.

මේ අතර විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද පැවසුවේ බොර තෙල් ගොඩබෑමත් සමග සපුගස්කන්ද පිරිපහදුවේ කටයුතු ආරම්භ කළ හැකි බවයි.

ඒ අනුව දින 6 කින් ඉන්ධන නිෂ්පාදනය ආරම්භ කළ හැකි බව ද ඔහු පවසනවා. සපුගස්කන්ද පිරිපහදුව මෙලෙස යළි සක්‍රීය වන්නේ මාර්තු 20 වැනිදායින් පසුවයි.

https://www.newsmania.lk/

මෙන්න බලන්න තවත් පුවත්