තියුණු අයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිදුවීමක් ඔරුගොඩවත්ත ප්‍රදේශයෙන් වාර්තා වේ.

ඊයේ (25) රාත්‍රියේ ඔරුගොඩවත්ත ගුවන් පාලම සමීපයේදි තියුණු ආයුධයකින් පහර කෑමට ලක්වූ අදාළ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදි මිය ගොස් ඇත.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වැල්ලම්පිටිය කුරිනියාවත්ත ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහුව ඝාතනයට ලක් කිරීමට අදාළ හේතුව හෝ ඝාතනය කළ පුද්ගලයන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති අතර, සැකකරුවන් සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වේ.

 

https://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්