fuel price formula is fake
 

“තෙල් මිල සූත්‍රය බොරුවක්” – ජනක රත්නායක

 

මෙරට තුළ ඉන්ධන ලීටරයක් රුපියල් 250 ක මුදලකට ලබා දීමට හැකියාව පවතින බව මහජන උපයෝගිතා කොමිසම කියා සිටියි.

ඊයේ (6)කෝප් කමිටුව මගින් මහජන උපයෝගිතා කොමිසම කැඳවූ අවස්ථාවේදි අදහස් දැක්වූ එහි සභාපති ජනක රත්නයක මහතා විසින් ඒ බව අවධාරණය කර සිටියේය. 

අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ,“අපි බලනකොට අපිට තේරුණා මෙතන  කිසියම් වැරැද්දක් තියනවා කියලා.මේ තෙල් CPC එකෙන්  CEB එකට  ලබාදෙන. ඒ ගැන හොයාගෙන යනකොට අපිට තේරුණා ඇමතිවරයා ඉදිරිපත් කර ඇති මිල සූත්‍රය කිසිදු පදනමක් නැතුව ඉදිරිපත් කරලා, ඒ අනුව මිල සංශෝධනයක් සිදු කරලා තියනවා කියලා.” යනුවෙනුයි.

එහිදි මිල සූත්‍රය සාදා ඇත්තේ බලශක්ති අමාත්‍යවරයා විසින්ද යනුවෙන්  අමාත්‍ය මහින්ද අමරවීර  නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ජනක රත්නායක මහතා තමා ඒ බව නොදන්නා බවත්, තමා එම තොරතුරු ගනු ලැබුවේ අමාත්‍යවරයා විසින් සිය ට්විටර් ගිණුම හරහා පළ කර තිබූ තොරතුරකට අනුව බවත් කියා සිටියේය.

“ඒක මම දන්නෙ නෑ ඇමතිතුමා ට්විට් තමයි කරල තියෙන්නෙ. එතුමාගේ ට්විටර් එකෙන් මම ගත්තෙ, අපිට සම්පූර්ණ දත්ත ලැබුණා ආනයනය කරන වියදමයි tax එකයි අපි හොයා ගත්තා.  ඒ දෙකේ පරතරය තියෙනවා සාමාන්‍යයෙන් රුපියල් 150ක 200ක වගේ. ඒකෙන් අපි ඩීසල් ආනයනය කරන මූලික වියදම CIF වටිනාකම දාල තියෙන්නෙ 174 ක් වගේ. ඒ උනාට පරීක්ෂණය කරනකොට අපිට ලැබුණු දත්ත, ආනයනය කර ඇති වියදම 174ක් වෙන්නේ නෑ. ආනයනය කර ඇත්තේ 100ත් 110ත් අතර,  එකෙන් ජූලි පළවෙනිදා ඩීසල් තොගයක් ගෙන්වා තිබෙනවා. ඇත්තටම තෙල් ආනයනය කරන වියදම රුපියල් 350 ට වැඩි වෙන්නේ නෑ මේක බොරුවක් නෙමෙයි ලිපි ගොනුවල තිබෙන ඇත්ත කතාව.”

යනුවෙන් සඳහන් කරන්නට යෙදුණු අතර, තවදුරටත් අවධාරණය කරන්නට යෙදුනේ, බදු ගෙවීමෙන් අනතුරුව වුවත් එක එක තෙල් වර්ගයන්  රුපියල් 250, රුපියල් 170, රුපියල් 180 හා රුපියල් 220 වැනි මිලකට ලබා දිය හැකි බවයි.

එහිදි කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා විසින් මුදල් අමාත්‍යාංශයෙන් හා මහජන උපයෝගිතා කොමිසමේ අනෙකුත් සමාජිකයන්ගෙන් මේ පිළිබඳව දැනුවත්ද යන්න විමසා සිටි අතර , ඔවුන්ගේ පිළිතුරු වූයේ ඔවුන් කිසිවෙකුත් මේ පිළිබඳව දැනුවත් නොමැති බවයි.

 

http://www.newsmania.lk/

මෙන්න බලන්න තවත් පුවත්