
ඊච්චක්කුලම් සාලම්බන් ප්රදේශයේ දී දර කැඩීමට ගිය කාන්තාවකට වෙඩි ප්රහාරයක් එල්ල වී ඇත.
අදාළ කාන්තාව තම නිවස පිටුපස කැලෑ ප්රදේශයේ දර කැඩීමට ගොස් සිටියදී මෙම වෙඩි වැදීම සිදුව ඇති අතර මෙලෙස වෙඩි වැදී ඇත්තේ 32 හැවිරිදි කල්මඩුව වවුනියාව ප්රදේශයේ කාන්තාවකටයි .
වෙඩි වැදීමෙන් පසුව ඇයව වව්නියාව රෝහලට ඇතුළත් කර ඇති අතර වෙඩි තැබූ සැකකරුවන් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් වාර්තා වී නොමැත.
ඊච්චක්කුලම් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලැබේ.