ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තවත් ක්‍රීඩකයින් තිදෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙන බව වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නිවේදනය කර සිටියේ කොවිඩ් වෛරසය ආසාදනය වී ඇත්තේ ධනංජය ද සිල්වා, ජෙෆ්රි වැන්ඩර්සේ සහ අසිත ප්‍රනාන්දුට බවයි .

මිට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් වන ඇන්ජලෝ මැතිව්ස් සහ ප්‍රවීන් ජයවික්‍රමට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබුණ අතර හෙට ඔස්ට්‍රේලියාව සමග ආරම්භ වන දෙවන ටෙස්ට් තරගය සඳහා ඇන්ජලෝ මැතිව්ස්ට ක්‍රීඩා කිරීමට හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්