aragalaya
 

තරුණයන් ජනපති මැදුරේ තිබූ කෝටි ගානක මුදල් පොලිසියට බාර දෙයි

 

ජනාධිපති මන්දිරයේ ගෝඨාභය රාජපක්ෂ විසින් භාවිතා කළ කාමරය තිබූ රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂ පනස් දහසකට ආසන්න මුදලක්  තරුණයන් විසින් ගණන් කර පොලිසියට බාර දී ඇත.

මේ පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා හට ලිපියක් යොමු කරමින්  තරුණ ජනමාධ්‍යවේදී සංගමයේ තරිඳු ජයවර්ධන මහතා ඉල්ලා සිටින්නේ, එම මුදල් බාර ගත් බවට මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන ලෙසයි.

පසුගිය මැයි 9 වන දින ඇතිවූ සිදුවීම් මාලාව සමග  පොලිසිය විසින් අරගලයේ නිරත වූ ජනතාව විසින් දේශපාලඥයන්ගේ නිවාස වලින් බඩු සොරා ගත් බවට මාධ්‍ය නිවේදන කිහිපයක් නිකුත් කළ තත්වයක් මත ඔහු ඉල්ලා සිටින්නේ, ඊයේ (9) තරුණයන් විසින් සිදු කළ එම මුදල් බාර දීමේ ක්‍රියාව පිළිබඳව ජනතාව දැනුවත් කොට, ඔවුන්ට හිමි නිසි ගෞරවය ලබා දෙන ලෙසයි.

මෙන්න බලන්න තවත් පුවත්