මෙරටට විදේශ විනිමය ගෙන එන පුද්ගලයින් හට විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා අවසර ලබාදීමට රජය විසින් විශේෂ වැඩපිලිවෙලක් හඳුන්වා දී ඇත.

අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය මනුෂ්‍ය නානායක්කාර මහතා මේ බව සඳහන් කර සිටි අතර ඔහු විසින් වැඩිදුරටත් වැඩි දුරටත් කියා සිටියේ ඩොලර් 3000 වැඩි ප්‍රමාණයක් මෙරටට එවා ඇති පුද්ගලයින් හට එසේ එවන ලද මුදලින් අඩක් ලෙස වන පරිදි වටිනාකමකට අදාල විද්‍යුත් යතුරුපැදියක් මිලදී ගැනීමට අවස්ථාව හිමිවන බවයි.

එමෙන්ම ඩොලර් 20000 කට වැඩි ඕනෑම මුදලක් මෙරටට එවා ඇති පුද්ගලයින් හට එලෙස මෙරටට එවා ඇති මුදලින් හරි අඩක වටිනාකම ඇති, උපරිමය ඩොලර් 65000 ක් දක්වා වන විද්‍යුත් මෝටර් රථයක් මෙරටට ගෙන්වීමට අවසර හිමිවන බවද ඔහු විසින් සඳහන් කර සිටියේය.

එහිදී එලෙස ගෙන්වනු ලබන විද්‍යුත් වාහනය ආරෝපණය කිරීම සඳහා අවශ්‍ය විදුලි බලය සපයා ගැනීම වෙනුවෙන් එකී පුද්ගලයා විසින් සූර්ය බල පද්ධතියක් ද මිලදී ගැනීම හෝ ආනයනය කිරීම සිදු කළ යුතු වන අතර එලෙස ගෙන්වනු ලබන විද්‍යුත් වාහන ජාතික විදුලිබල පද්ධතිය හරහා ආරෝපණය කිරීමට අවසර හිමි නොවන බව ද ඔහු විසින් වැඩිදුරටත් අවධාරණය කරන්නට යෙදුනේය.

ඒ අනුව මෙම නව ක්‍රමවේදය හරහා ගෙන්වීමට අවසර හිමි වන විද්‍යුත් වාහන වල ප්‍රමාණය පිළිබඳව චක්‍රලේඛය ඉදිරියේදී නිකුත් කරනු ලැබේ.

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්