පසුගිය දින ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනී ඇතුළු දෙදෙනකුට බරපතළ තුවාල සිදු කළ තලාව මොරගොඩ ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් වන අලියා සෙවීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අද කණ්ඩායම් දෙකක් යොදවා තිබෙන බව වාර්තා වේ.

අනතුරින් ඩබල් කැබ් රථය මතට වැටී බරපතළ තුවාල සිදුවන්නට ඇතැයි අනුරාධපුර වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සදහන් කරයි.

තලාව සහ අනුරාධපුර වනජීවී සංරක්ෂණ කාර්යාලවල නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායම් දෙක මේ වන විට උළුක්කුලම සහ වීරවැව ප්‍රදේශයන්හි එය සොයමින් සිටින බව ඔහු කියා සිටී.

මේ අතර  අනතුරට ලක්වූ වන අලියා ලෙස සමාජ මාධ්‍යවල පළවන පින්තූරය අසත්‍ය බවත් අද පස්වරුව වන විටත් වනජීවී සංරක්ෂණ නිලධාරීන්ට සොයා ගැනීමට නොහැකි වූ බවත් දෙපාර්තමේන්තු වාහන සඳහා ඉන්ධන හිඟවීම සෝදිසි කිරීමට බාධාවක් බවත් අනුරාධපුර කලාපයේ වනජීවී පශු වෛද්‍ය වෛද්‍ය චන්දන ජයසිංහ මහතා පවසයි.

මෙන්න බලන්න තවත් පුවත්