පොල්පිටිය ප්‍රදේශයේ ඇළ මාර්ගයක් හරහා ගමන් කිරීමට ගිය මිත්තණියක් සහ මිණිබිරියක් ජලපහරට හසුව ඇත.

මෙලෙස ජලපහරට හසුව ඇත්තේ ලක්ෂපාන පොල්පිටිය ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි වියේ පසු වූ කාන්තාවක් සහ 5 හැවිරිදි වියේ පසු දැරියකි.

පෙර පාසල වෙත ගොස් සිටි තම මිණිබිරිය නැවත නිවස කරා රැගෙන යමින් සිටියදී ඔවුන් දෙදෙනා මෙම අනතුරට ලක්වී ඇති අතර සිදුකරන ලද සෝදිසි මෙහෙයුම් වලින් අනතුරුව මිත්තණියගේ සිරුර සොයා ගැනීමට පොලිසිය සහ සෝදිසි කණ්ඩායම් වලට හැකියාව ලැබී ඇත.

දැරියගේ සිරුර සොයා මේ වනවිට මෙහෙයුම් ක්‍රියාත්මක වන අතර මිත්තණියගේ සිරුර ගිනිගත්හේන ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර තිබේ.

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්