චීනය විසින් තායිවාන මුහුදු හා ගුවන් සීමාව තුළ සජීවී හමුදා පුහුණුවක් ආරම්භ කර ඇත.

පසුගියදා සිදුවූ ඇමරිකානු එක්සත් ජනපදයේ කොංග්‍රස් මණ්ඩල කතානායකවරිය වන, නැන්සි පෙලෝසිගේ තායිවාන සංචාරයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස චීනය විසින් මෙම යුද අභ්‍යාස ආරම්භ කර ඇති අතර, මේ පිළිබඳව දක්වමින් BBC පුවත් සේවය සඳහන් කර සිටින්නේ, තයිවානයට සැතපුම් 12 ක් දුරින් පිහිටි වපසරියක් තුළ ආරම්භ කළ මෙම යුද අභ්‍යාස චීනය විසින් මෙතෙක් කාලයක් පුරාවට තායිවානය ආසන්නයටම විත් සිදු කළ පළමු හමුදා අභ්‍යාසය වන බවයි.

චීනය විසින් සිදු කරන මෙම ක්‍රියාව පිළිබඳව තායිවාන බලධාරීන් කියා සිටින්නේ මෙය සිය රාජ්‍යයේ ස්වෛරීභාවය උල්ලංඝනය කරන අතර එය අවහිර කිරීමකට සමාන වන බවයි.

චීනයේ සිට සැතපුම් 100ක් ඈතින් පිහිටි ස්වයං පාලනයක් සහිත තායිවානය, චීනය විසින් පිළිගනු ලබන්නේ තම පාලනය යටතේ පැවති බිඳී ගිය පළාතක් ලෙසින් වන අතර, මෙම යුද අභ්‍යාස සිදුවීම කරළියට එන්නේ එක්සත් ජනපදය හා චීනය අතර පවතින අර්බුදය කෙමෙන් වර්ධනය වෙමින් පවතින අවස්ථාවකදියි.

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්