air line
 

අද මධ්‍යහන 12 සිට වහාම ක්‍රියාත්මක වන පරිදි කටුනායක ගුවන්තොටුපළ සේද මාවතේ VIP සේවා වලින් ඉවත් වීමට ශ්‍රී ලංකා ගුවන් සමාගමේ නිදහස් සේවක සංගමය තීරණය කර ඇත.

ඔවුන් විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව දන්වා ඇති අතර, එහි සඳහන් කොට ඇත්තේ රට තුළ උද්ගතව ඇති අර්බුදයන්ට වග කිව යුත්තෝ රට හැර යෑමට උත්සාහ කරන අවස්ථාවක එවැනි පුද්ගලයන් හට සේවා සැපයීමෙන් තම සේවක සේවිකාවන්ටද ගැටළු මතුවිය හැකි බැවින් මෙම තීරණය ගත් බවයි.

අදාළ වර්ජනය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මකය.

එමෙන්ම ගුවන්තොටුපළ ආගමන විගමන සේවක සංගමය විසින් මේ වන විටත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙමින් සේද මාවත මගී සේවාවන් සැපයීමෙන් ඉවත්ව ඇත.

 

https://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්