එළඹෙන දෙසැම්බර් මස  31 වනදා වන විට මෙරට තුළ පවතින  පෝලිම් අවසන් කළ හැකි බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියා සිටියි.

අද (26) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු විසින් මේ බව සඳහන් කර  සිටි අතර එහිදී වැඩිදුරටත් කියා සිටියේ, අගෝස්තු මස පළමුවෙනිදා සිට කිසිදු හිඟයකින් තොරව ගෑස් ලබා ගැනීමට හැකියාව ඇති බව ලිට්රෝ සමාගම දැනුම්දී ඇතැයි යනුවෙනුයි.

“ගෑස් හිඟය  නිසා ගෘහණියන්, අම්මාවරුන් විශාල පීඩාවකට පත් වුණා. එදිනෙදා ඉවුම් පිහුම් කටයුතු කරගෙන යෑමට, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර පවත්වාගෙන යාමටත්. මේ වන විට රජය ඉතාම දැඩි ආර්ථික අර්බුදයක් හා අසීරුකමක් මැද්දේ මේ සඳහා නිරන්තරයෙන් අඛණ්ඩව රැස්වෙලා රජයක් ලෙස ගත හැකි සියලුම උත්සාහයන් දරලා ගෑස් හිඟය මේ වසරේ දෙසැම්බර් 31 වන විට අවසන් කිරීම සඳහා අවශ්‍ය පියවර ලිට්රෝ සමාගම විසින් අරන් තියෙනවා. ඒ අනුව ගෑස්  පොලීම් නැතුව ගෑස් ලබාගැනීමට අගෝස්තු පළවෙනිදා සිටි කිසිදු හිඟතාවයක් ඇති නොවන බව කැබිනට් මණ්ඩලයට වාර්තා කලා.”

ඔහු කියා සිටියේය.

 

https://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්