
අද (22) අලුයම ගාලු මුවදොර ජනාධිපති කාර්යාලය අසලදි අත්අඩංගුවට ගත් පිරිස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.
කොටුව පොලිසිය විසින් මොවුන්ව මෙලෙස අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර,එලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයන් සංඛ්‍යාව 9 කි.
එම පුද්ගලයන් කැළණිය, ඇඹිලිපිටිය, ජාඇල, රත්නපුර, සෙවනගල, වැල්ලම්පිටිය, පිටිගල, වාද්දුව,නුගේගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, එම සිදුවීම හේතුවෙන් තුවාල ලැබූ 14 දෙනෙකු මේ වන විට ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.