ගර්භණී රාජ්‍ය නිලධාරිනියන්ට අලුත් බලාපොරොත්තුවක්

පවතින අර්බුදය හමුවේ දුශ්කරතාවයට පත් වී සිටින ගර්භණී රාජ්‍ය නිලධාරීන් සඳහා,  පදිංචි ස්ථානයට ආසන්නතම සේවා ස්ථානයක් ලබා දීමේ ක්‍රමවේදය කඩිනම් කරන මෙන් දන්වමින්, පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංගමය විසින් ඉල්ලීමක් සිදු කොට ඇත.

එම සංගමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා වන අමාත්‍ය දිනේශ් ගුණවර්ධන හට ලිපියක් යොමු කරමින් මෙම ඉල්ලීම සිදු කොට ඇති අතර, එහි තව දුරටත් සඳහන් කොට ඇත්තේ එලෙස අනියුක්ත කිරීමට අපහසු ගර්භණී සේවිකාවන් සඳහා නිවසේ සිට මාර්ගගත ක්‍රමයන් ඔස්සේ සේවයේ යෙදීමට අවස්ථාවක් ලබා දෙන ලෙසයි.

පවතින ප්‍රවාහන ගැටළු හේතුවෙන් ගර්භණී මව්වරුන්ට මුහුණ පෑමට සිදු වන අපහසුතාව පිළිබඳව සලකා බලා මෙම ඉල්ලීම සිදු කොට ඇත.

එමෙන්ම එම ලිපිය මගින් ඔවුන් තව දුරටත් ඉල්ලා සිටින්නේ, පෞද්ගලික අංශයේ සේවය කරන ගර්භණී මව්වරුන් සඳහාද මෙය අදාළ කර ගැනීමට හැකියාවක් ඇත්දැයි යන්න සොයා බලන ලෙසයි.

 

https://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්