ශ්‍රී ලංකාව තුල කොවිඩ් 19 වසංගතය සඳහා සිව්වන මාත්‍රාව ලබාදීමට වසංගත රෝග විද්‍යා ඒකකය හා සෞඛ්‍ය අංශ තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ, එළැඹෙන සඳුදා සිට එම මාත්‍රාව ලබාගැනීමට හැකියාව ඇති බවය.

මෙහිදී වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් සඳහා එන්නත් කිරීම එදින ආරම්භ කරන අතර වයස අවුරුදු 20ත් 60ත් අතර කාණ්ඩයේ ඌන ප්‍රතිශක්තියක් ඇති හා නිදන්ගත රෝග සහිත පුද්ගලයන්ට ප්‍රමුඛතාව හිමිවේ.

තෙවන මාත්‍රාව ලබාගැනීමෙන් මාස 3ක් ගත වී ඇත්නම් පමණක් සිව්වන මාත්‍රාව ගන්නා ලෙස වසංගත රෝග විද්‍යා ආයතනය ජනතාව දැනුවත් කරයි.

වයස අවුරදු 12 – 16 අතර කාණ්ඩයට අයත් දරුවන්ට දෙවැනි මාත්‍රාව ලබාදීම මේ සමග ඇරඹේ.

ෆයිසර් එන්නත ගැනීමෙන් ඇතැම් පුද්ගලයන්ට ආබාධ ඇති වූ බැවින් එන්නත් ලබාගැනීමෙන් අනතුරුව සති දෙකක පමණ කාලයක් තදබල ශාරීරික ක්‍රියාවල නිරත නොවන ලෙස වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ කමිටුව නිර්දේශ කර ඇති බව ද අද පැවති සාකච්ඡාවේ සදහන් වේ.

මෙන්න බලන්න තවත් පුවත්